ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එළැඹෙන 21 වැනිදා පැවැත්වීමට නියමිතයි.
රාජ්‍ය අනුග්‍රය සහිතව සර්වඥ ධාතු වන්දනා කටයුතු සංවිධානය කිරීමට සූදානම් වන බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කළේ.
මීට අදාළ මූලික කරුණු සොයා බැලීමට සහ එම පරිශ්‍රය නිරීක්ෂණයට අමාත්‍යවරයා කොළඹ ගංගාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සදහන් කළා.
එහිදී අදහස් දක්මින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය එළැඹෙන 04 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇති බවත් ඊට අදාළ මූලික වැඩකටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.













