දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය වන සරසවිය සිනමා සම්මාන උලෙළ අනිද්දා (28) පස්වරු 6.00 සිට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.
වසර 60ක් සපුරන සරසවිය පුවත්පත මේ සම්මාන උලෙළ පවත්වන්නේ 35 වැනි වරටය.





 


 







 
								