
සයිබර් තර්ජන, මාර්ගගත ප්‍රචණ්ඩත්වය සහ සෘණාත්මක බලපෑම් වලින් ශ්‍රී ලංකාවේ දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා විස්තීර්ණ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී දරුවන්ට ඩිජිටල් අවකාශයෙන් ලැබෙන ප්‍රතිලාභ තහවුරු කිරීමටත්, මාර්ගගතව සිදුවන හානිවලින් ඔවුන් ආරක්ෂා කරගන්නා ආකාරයත් පිළිබඳ අවධානය යොමු කර තිබෙනවා.














