සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ සැකකරුවෙක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ රට තුළ ඉන්ධන නොමැති බව සඳහන් කරමින් විදේශිකයින් පැමිණීම අධෛර්යමත් කරන, සංචාරක ව්‍යාපාරයට අගතිදායක වන මහජන පෙළඹවීම් ඇති වන පරිදි අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමට අදාළව සැකකරුවෙක් ඊයේ(21) දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේදී එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 53ක් වන වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අද(22) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














