සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වටලා තිබෙනවා.
ඊයේ(11) රාත්‍රී කාලයේ ගල්කිස්ස ප්‍රදේශයේදී සිදු කරන ලද මෙම වැටලීමේදී සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා එය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකාරිය වයස අවුරුදු 35ක් පමණ වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













