සබරගමුව මහ සමන් දේවාලයේ හෙට පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කර තිබූ එස්. වී.චන්ද්‍රසිංහ මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ලබන 20 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවා.
අදාළ නිලවරණය පැවැත්වෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.