බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සපරගමුව මහා සමන් දේවාලය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ (05) එක්විණි.
ඇසළ මාසයේ පැවැත්වීමට නියමිත සපරගමු මහා සමන් දේවාලයේ 800 වැනි පෙරහර මංගල්‍යය සංවිධාන කිරීමේ කටයුතු සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ වූ අතර දේවල භූමියේ ඉපැරණි ගොඩනැගිලිවල තත්ත්වය, මං මාවත් සහ කාණු පද්ධතිය ඇතුළු පිළිසකර කළයුතු ස්ථාන පිළිබඳව ද මෙහිදී අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
දේවාල භූමියෙහි ඇති මල් සහ පලතුරු අළෙවි සැල්වල පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳවද අමාත්‍යවරයාගේ අවධානය ලක්වූ අතර පතල් කැණීම් හේතුවෙන් අවදානමට ලක් වූ දේවාල භූමිය ආශ්‍රිත කලු ගඟෙහි පැරණි තොටුපල හා ගං ඉවුර ආරක්ෂා කිරීම සඳහා ද සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කරන ලදි.
උණුසුම් පුවත්
- NATIONAL YOUTH APP නමින් මෘදුකාංගයක්
- උසස් ඩිප්පෝමා උපාධිධාරී වෘත්තිකයින් ඉදිරියේ දී සෞඛ්‍ය සේවාවට -නලින්ද ජයතිස්ස
- පරිසර නියමු සිසුන් සඳහා ජනාධිපති පදක්කම්
- ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට වඩා විධිමත් ක්‍රමවේදයක්
- සුද්දෙක්ගෙන් අල්ලස් ගත්ත පොලීසියේ දෙදෙනෙකු අත්අඩංගුවට
- භෝග වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක්
- පාස්කු විමර්ශන ගැන විපක්ෂය අවධානයෙන් – VIDEO –
- VIDEO: කවුද මල්ලි බය… චාමරගෙන් දැඩි ප්‍රකාශයක්