ආසියානු වයස අවුරුදු 20 න් පහළ සත් සාමාජික රග්බි තරගාවලිය හෙට සිට ඉන්දියාවේ බිහාර් නුවරදී පැවැත්වෙනවා.
රටවල් 8 ක සහභාගීත්වයෙන් ආරම්භ වන මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව තරග කරනු ලබන්නේ ඒ කාණ්ඩය යටතේයි.
ඒ අනුව ශ්‍රී ලංකාව, ඉන්දියාව, හොං කොං සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් ් කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව සිටිනවා.
එමෙන්ම මැලේසියාව, උස්බැකිස්ථානය, චීනය සහ කසකස්ථානය යන රටවල් ඊ කාණ්ඩය යටතේ තරගාවලියට එක්ව තිබෙනවා.
මූලික වටයේදී ලීග් ක්‍රමයට අනුව තරග පැවැත්වෙන අතර එහිදී සියලුම කණ්ඩායම් තමන් ඇතුළත්ව සිටින කාණ්ඩයේ සිටින සෙසු රටවල්වලට එරෙහිව තරග වදිනු ඇති.
මූලික වටය අවසානයේ කාණ්ඩ දෙකේම මුල් ස්ථාන දෙක අතරට පැමිණෙන කණ්ඩායම් අවසන් පූර්ව වටයට සඳහා සුදුසුකම් ලැබීමට නියමිතයි.
මෙම තරගාවලිය ආසියානු රග්බි සංගමය විසින් සංවිධානය කර තිබෙනවා.