රුසියාව හා යුක්රේනය සටන් විරාම සාකච්ඡා වහාම ආරම්භ කළ යුතු බව ඇමරිකා ජනපති ට්‍රම්ප් පවසනවා.
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැය දෙකක දුරකථන ඇමතුමකින් පසු ට්‍රම්ප් මේ බව කියා සිටියා.
රුසියාව හා යුක්රේනය සටන් විරාමයක් සහ යුද්ධය අවසන් කිරීම සඳහා සාකච්ඡා වහාම ආරම්භ කරන බවයි ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ.
දුරකථන සංවාදය ඉතා හොඳින් සිදු වූ බව ට්‍රම්ප් කියා සිටියා.
සාමය සඳහා වන කොන්දේසි දෙපාර්ශවය අතර සාකච්ඡා කළ යුතු බව ද ඔහු පවසනවා.
මේ අතර ට්‍රම්ප් යුක්රේන ජනාධිපති වොල්දොමිර් සෙලෙන්ස්කි සමඟ ද දුරකතනයෙන් සාකච්ඡා කර තිබෙනවා.
සෙලෙන්ස්කි පවසා ඇත්තේ මෙය තීරණාත්මක මොහොතක් බවයි.