වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරීමට විරුද්ධ වන ලෙසට සජිත් ප්‍රේමදාස මහතා ගෝල බාලයන්ට උපදෙස් ලබාදී පසුව තමන් එයට විරුද්ධ නොවන බව මාධ්‍ය හමුවේ සජිත් ප්‍රේමදාස මහතා මතය ප්‍රකාශ කළ බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.
සිය අමාත්‍යංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටයිා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාගේ ගෝල බාලයන් වතු කම්කරු වැටුප වැඩි කිරීමට විරුද්ධව මතය ප්‍රකාශ කිරීමේදී වතු කම්කරුවන්ගේ දැඩි විරෝධයක් විපක්ෂයට එල්ල වන විට සජිත් ප්‍රේමදාස මහතා පසුව වතු කම්කරු වැටුප වැඩි කිරීම රජය කළ හොඳ වැඩක් බවට පසුව සිය මතය ප්‍රකාශ කළ බවයි.











