Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    2026-08-07

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    2026-08-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
    • බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
    • අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා
    • පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර
    • වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්
    • වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි
    • සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා
    • මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් 11 දෙනෙකු රෝහලට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සජබ පුංචි ආණ්ඩු සභිකයාගේ නිවසේ සූදු තිප්පොලක්

    සජබ පුංචි ආණ්ඩු සභිකයාගේ නිවසේ සූදු තිප්පොලක්

    2025-08-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.77 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සිය නිවස පිටුපස සූදූ පොලක් පවත්වාගෙන ගිය ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමගිජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වන ඉපලෝගම පුංචිකුලම පදිංචි අජන්ත බියගම නම් පුද්ගලයෙකි.

    අදාළ මන්ත්‍රීවරයා ඇතුළු පුද්ගලයින් 14 දෙනෙක් සූදූ කෙළිමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වී නිව්ස් වාර්තාකරු කියා සිටියේ.

    අත්අඩංගුවට ගැනුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවස වැඩිදුර පරීක්‍ෂාවේදී නිවසේ අධිශීතකරණයක් තුළ තිබූ දඩමස් කිලෝ හතක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඉපලෝගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් සම්බන්ධයෙන්, කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් නිල සුනඛයින් යොදා ගනිමින්, ඉපලෝගම පොලීසිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරයාගේ නිවස වටලා තිබෙනවා.

    එම නිවස වටා අඩි 10කට වැඩි තාප්පයක් මෙන්ම විශාල ගේට්ටුවක්ද ඉදිකරගෙන මන්ත්‍රීවරයා කලක පටන් මෙම සූදූ පොළ පවත්වාගෙන යමින් සිට ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනවා.

    ඒ අනුව පසුගිය 04 වැනිදා හදිසි වැටලීමක් සිදුකර ඇති අතර, ඒ අවස්ථාවේදී එම නිවස තුළ අදාල මන්ත්‍රීවරයා විසින් සූදු පිටියක් පවත්වාගෙන යමින් සිට තිබෙනවා.

    එම නිවසේ සූදු ක්‍රීඩාවෙ යෙදුනු තවත් 14 දෙනෙකු සමග මන්ත්‍රීවරයාද එහිදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

    පසුව සිදු කළ සෝදිසි කිරීම්වලදී නිවසේ අධිශීතකරණයක තිබූ විවිධ වර්ගයේ තහනම් දඩමස් කිලෝ 7කට ආසන්න ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙන අතර එම මස් තොගය හා අධිශීතකරණද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

    පසුව අදාල සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, සැකකරුවන්ට දඩමුදල් නියම කර නිදහස් කර තිබෙනවා.

    අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන්, තඹුත්තේගම විශේෂ අපරාධ විමර්ශන කාර්යංශයේ මුදල් වංචාවක් සම්බන්ධ නඩුවකට අදාලව එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි පුද්ගලයකු නිසාවෙන් මහේස්ත්‍රාත්වරිය කරුණු විමසා බලා මන්ත්‍රීවරයා මේ මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

    පෙර පුව​තනාවින්නේ වෙඩි තැබීමක් – අයෙකුට තුවාල
    ඊළඟ පුව​ත මත්පෙති සහ මත් දියර ලබාදී මුදල් සහ රන් ආභරණ සොරාගත් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    වැසි තත්ත්වය හෙට සිට වැඩිවෙයි – ධීවර ප්‍රජාවට අනතුරු ඇගවීම්

    සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ ජනතාවට දැඩි පිඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    බුලත්සිංහලදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

    2026-08-07

    අමරිකාවේ පුරවැසිභාවයට ජනපති ට්‍රම්ප්ගෙන් යළිත් සීමා

    2026-08-07

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර

    2026-08-07
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group