සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම, අද (26) පෙරවරුවේ රැස්විමට නියමිතයි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් .
එහි ජ්‍යෙෂ්ඨයෙකු සදහන් කළේ, මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දරන ස්ථාවරය පිළිබඳ වැඩිදුරටත් සාකච්ජා කිරීමට නියමිත බවයි.
මේ අතර ලබන ලබන 28 ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් පැවැත්විමට නියමිතව තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකු සඳහන් කළේ එදින සවස 5ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වෙන බවයි.
එහිදී අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් රැසක් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා .
උණුසුම් පුවත්
- වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
- මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
- රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
- නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
- ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
- දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
- කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














