ලද තොරතුරක් මත කොළඹ – උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෝදර, ඉබ්බාවත්ත හන්දිය ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 ක් සමග සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකාරිය වයස අවුරුදු 31 ක් වූ කොළඹ – 12 ප්‍රදේශයේ පදිංචිකාරියක බවයි පොලිසිය සඳහන් කළේ. මෙම සැකකාරියගෙන් සිදු කළවැඩිදුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව කොළඹ – 13 නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේදී මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන සැකකරුවෙකුගේ නිවසක් පරික්ෂා කර ඇති අතර එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 745 ක්, විදේශ රටක නිෂ්පාදිත රිවොලර් වර්ගයේ ගිනි අවියක් හා එම පතරොම් 05 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සැකකාරිය සමග මෝදර පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා. අදාළ සැකකරුද වයස අවුරුදු 39 ක් වූ කොළඹ – 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත් සැකකරු සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනයේදි සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ ප්‍රධාන අනුගාමිකයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
- ඇෆ්ඝන් භූ කම්පනයෙන් මියගිය පිරිස ඉහලට
- සිම්බාබ්වේට එරෙහි පළමු විස්සයි විස්සේ ජය ශ්‍රී ලංකාවට
- විදුලිබල සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් අරඹයි
- ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට
- සූදු ක්‍රීඩා නියාමන පනතට කථානායකගේ අනුමැතිය
- උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි සාමාජිකයන් හා හරිනි අමරසූරිය මෙනවිය අතර සාකච්ඡාවක්