
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් ත්‍රස්ත සංවිධාන සමග ගණුදෙනු කර ඇති බවට මේ වන විට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් පවසනවා. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මේ වන විට විදෙස් ගතව සැගවී සිටින රතු වරෙන්තු නිකුත් කර ඇති තවත් පුද්ගලයින් 72ක පිරිසක් දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බවයි.













