ශික්ෂණලාභි ගුරුවරුන් බඳවා ගැනීම පවතින ක්‍රමවේදයට අනුව සිදුකර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
අදාළ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් පැනනැගී ඇති ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.
දිස්ත්‍රික්, පළාත් සහ ජාතික මට්ටමින් බඳවා ගත්තද පත්වීම් ලබාදීමේදී අදාළ ප්‍රදේශයේ පුරප්පාඩු නොමැති නම් වෙනත් පළාත් සහ දිස්ත්‍රික්ක වෙත යොමු කර ඇති අතර බඳවා ගන්නා ගුරුවරුන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට එකඟ විය යුතු බවට විද්‍යාපීඨ බඳවා ගැනීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඇතුළත් කර තිබෙනවා.