2024 – 2025 වර්ශය සදහා පැවති ශ්‍රීපාද වන්දනා වාරය ඉකුත් 13 වන දිනෙන් අවසන් වීමත් සමග ශ්‍රීපාද වන්දනා කරුවන් ගමන්ගත් හැටන් දියගල නෝර්ටන් බ්‍රිජ් මාර්ගයේ ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන දින ආරම්භ කෙරැණා.
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය, අඹගමුව ප්‍රාදේශීය සභාව, ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම වැඩසටහන දියත් කරනු ලැබුවා.
හැටන් දියගල සිට නෝර්ටන් බ්‍රිජ් බිංදුවේ කණුව දක්වා මෙම වැඩසටහන දියත් කල අතර, එම මාර්ගයේ ඇතැම් වන්දනාකරුවන් විසින් ඇළ දොළ ගංගා සහ පරිසරයට විශාල වශයෙන් ප්ලාස්ටික් පොලිතින් ඇතුලු නොදිරන ඝණ අපද්‍රව්‍ය මුදාහැර තිබූ අතර,
පරිසරයට මදාහැර තිබූ එම අපද්‍රව්‍ය සියල්ලක්ම එක්රැස් කර අඹගමුව ප්‍රාදේශීය සභාවට භාර දීමට පියවර ගැණුනා.
මෙම ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහනට විශාල පිරිසක් එක්ව සිටියා