Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
    • ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මැයි 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවන් යානය තුළ දී පහරදීමක්

    ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවන් යානය තුළ දී පහරදීමක්

    2025-10-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.209 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළ සේවයෙහි යෙදී සිටි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහරදීමක් සිදුව තිබෙනවා.

    වී නිව්ස් ගුවන් තොටුපොල වාර්තාකරු කියා සිටියේ එම ගුවන් යානයේ ගමන් ගත් සෞදි අරාබි ජාතිකයෙකු පහරදීම සම්බන්ධයෙන් අද (26) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    මොහු 28 හැවිරිදි සෞදි අරාබි ජාතිකයෙකු වන අතර ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ එතැන් සිට මැලේසියාවට යාම සඳහා මෙම ගුවන් යානයෙහි ගමන් කර තිබෙනවා.

    ඔවුන් අද (26) දින උදෑසන 06.32 ට සෞදි අරාබියේ රියාද් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

    මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට සූදානම් වෙමින් සිටියදී, ගුවන් යානය තුළ සියලුම ගුවන් මගීන් තම ආසන තුළ ආසන පටි පළදා ගෙන අසුන් ගෙන සිටීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර, එම නීතිය උල්ලංඝනය කරමින් මෙම ගුවන් මගියා පමණක් වැසිකිළිය වෙත ගමන් කිරීමට තැත් කරත්දී මෙම ගැටුම හටගෙන ඇති බවයි කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත්තේ.

    ගුවන් සේවිකාවන් විසින් මේ පිළිබද ගුවන් යානයෙහි නියමුවා දැනුවත් කිරීමෙන් පසුව, ගුවන් යානය ගොඩ බැස්සවීමෙන් අනතුරුව, ගුවන් යානය අසළට පැමිණි පොලිස් නිලධාරීන් මෙම සෞදි අරාබි ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සහ කටුනායක ගුවන් තොටුපොළ සංචාරක පොලීසිය ඒකාබද්ධව මොහු අත්අඩංගුවේ තබාගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

    මෙම සිදුවීම ශ්‍රී ලංකා ගුවන් අවකාශයේ උඩු ගුවනේ දී සිදු වී ඇති බැවින් මෙම සෞදි අරාබි ජාතිකයා හෙට (27) දින කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    පෙර පුව​තවිදේශ සේවා කාර්යාංශයේ සේවය කළ රියදුරකු මහා පරිමාණ ඊශ්‍රායල් රැකියා වංචාවක
    ඊළඟ පුව​ත වැලිගම ප්‍රා.ස. සභාපති ඝාතනයේ වෙඩික්කරු අල්ලයි

    සබැ​ඳි පුවත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි

    මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-05-04

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group