විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයෙන් ලකුණු 20 ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදුන්නා.
ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැව ලකුණු 163ක් ලබාගැනීමට සමත් වූවා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදැවී පන්දුවට පහර දුන් කුසල් මෙන්ඩිස් ලකුණු 56ක් ලබාගැනීමට සමත් වූවා.
කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක්ද පැතුම් නිශ්ශංක ලකුණු 24ක්ද ලබාගත්තා.
කමිල් මිෂාර ලකුණු 14කට දැවි ගිය අතර දුනිත් වෙල්ලාලගේට ලබාගත හැකි වූයේ ලකුණු 10ක් පමණයි.
පන්දු යැවීමේ අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Barry McCarthy හා George Dockrell කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.
Gareth Delany සහ Mark Adir එක් කඩුල්ල බැගින් දවා ගත්තා.
ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 19.5කදී සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 143ක් පමණයි.
Harry Tector ලකුණු 40ක් ලබාගැනීමට සමත් වූ අතර Ross Adair ලකුණු 34කට දැවී ගියා.
Lorcan Tucker ලකුණු 21යි.
වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් ලකුණු 20 සීමාව කරා පැමිණීමට සමත් වූයේ නැහැ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීස් තීක්ෂණ සහ වනිඳ හසරංග කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් වූ අතර මතීෂ පතිරණ කඩුලු දෙකක් දවා ගත්තා.
දුෂ්මන්ත චමීර සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූවා.
තරගයේ වීරයා ලෙස කමිඳු මෙන්ඩිස් නම් කෙරුණා.
තරගය පැවැත්වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.














