ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.
සංචිතය සදහා වසරකට පමණ පසු තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් නම් කර තිබීම විශේෂත්වයක්.
ශකිබ් අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2023 වසරේ අප්‍රේල් මාසයේ දී යි.
ශකිබ් සංචිතයට කැදවා ඇත්තේ තව්හිද් රිදෝයි වෙනුවටයි. රිදෝයි පළමු ටෙස්ට් තරගය සදහා වන සංචිතයට ඇතුළත්ව සිටි නමුත් එම තරගය සදහා ඔහු ක්‍රීඩා කළේ නැහැ.
මේ අතර, වේග පන්දු යවන ක්‍රීඩක හසාන් මහ්මුද් ආබාධයකට ලක්ව සිටින මුස්ෆික් හසාන් වෙනුවට සංචිතයට ආදේශ කිරීමට ද පියවර ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාම මෙතෙක් ටෙස්ට් වරම් හිමි කර ගෙන නැහැ.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 30 වැනිදා චිතගොං හී දී ආරම්භ වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නව ගුවන් සේවාවක්
- කටුනායක ගුවන් තොටුපොළේ දී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් අත් අඩංගුවට
- දියවැඩියාව පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ සහ අප්‍රිකානු රටවල් කිහිපයක විද්වතුන් කොළඹට
- හමාස් නායක මොහොමඩ් ඩීෆ් ට යුද අපරාධ චෝදනා
- IPL අදියර තුනක් සඳහා දින නියම වෙයි
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉන්දියානු සහාය ඇතිව ප්‍රති නැව්ගත කිරීමේ මෙහෙයුම් පුළුල් කරයි
- අලුත් වූ ICC ශ්‍රේණිගත කිරීම් මෙන්න
- E-8 වීසා ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය විජිත හේරත්ගේ අවධානය