ශ්රී ලංකාව තුළ ඇමෙරිකානු හමුදා කදවුරක් ස්ථාපිත කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පවසනවා.
ඇය මේ බව අවධාරණය කර තිබුණේ මෙරට පුවත්පතක් සමග සිදු කරන ලද සාකච්ඡාවකදී.
මේ අතර 1995 වසරේ අත්සන් කරන ලද සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් යළි කතාබහට ලක් කිරීමට ඇමෙරිකාවේ බලාපොරොත්තුවක් නොමැති බව ද ජූලි චන්ග් මහත්මිය ප්රකාශ කර තිබෙනවා.