ශ්‍රී ලංකාව විසින් සිදු කරන අපනයන සඳහා සියයට 30 ක අනෝන්‍ය තීරු බදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවන් ඊයේ රාත්‍රියේදී ධවල මන්දිරය විසින් මෙරට වෙත නිකුත් කළ නිවේදනයක මෙම නව බදු සංශෝධන ප්‍රතිශත දක්වා තිබුණා. අමෙරිකානු ජනාධිතිවරයා විසින් මීට පෙර ශ්‍රී ලංකාව වෙත පනවා තිබු අනෝන්‍ය තීරුබදු ප්‍රතිශතය සියයට 44 ක්. මෙම අනෝන්‍ය බදු පැනවීම අගෝස්තු මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. වෙළෙඳ ගනු දෙනු සහ තීරුබදු සම්බන්ධයෙන් ඊයේ දිනයේදී තවත් රටවල් හතක් වෙත ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් නව ලිපි නිකුත් කරනු ලැබුවා. ශ්‍රී ලංකාවට අමතරව, ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාව සඳහා ද සියයට 30 ක තීරු බදු පනවා තිබෙනවා. කෙසේ වෙතත් බෲනායි සහ මෝල්ඩෝවා සඳහා සියයට 25 ක් ලෙසත්, පිලිපීනය සඳහා සියයට 20 ක් ලෙසත් තීරු බදු පනවා තිබෙනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














