ශ්‍රී ලංකා පිරිමි ජාතික රග්බි කණ්ඩායමට විදෙස් පුහුණුකරුවෙක් පත්කිරීමට සූදානම් වන බව වාර්තා වනවා.
අභ්‍යන්තර රග්බි ආරංචි මාර්ග සඳහන් කරන්නේ එළඹෙන ආසියානු රග්බි ශූරතා තරගාවලිය ඉලක්ක කර ගනිමින් විදෙස් පුහුණුකරුවෙකු පත්කිරීමට සැලසුම් කරන බවයි.
ආසියානු රග්බි ශූරතා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේදී සහ නවසීලන්ත 85නට බර පන්තිය සමග පැවති රග්බි තරග දෙකේදී සනත් මාර්ටින්ස් ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස කටයුතු කළා.
කෙසේ වෙතත් සනත් මාර්ටින්ස් පෞද්ගලික හේතුවක් මත පසුගිය සතියේ පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස් වුණා.