ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි ශූරතා තරගාවලියේ සුපිරි වටයේ තරඟ සඳහා විදේශීය තරඟ තීරකවරුන් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පාපන්දු සංගමය විසින් ආසියානු රග්බි සංගමය වෙත ලිපියක් යොමු කරමිනුයි මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ ක්ෂණික අතුරු පියවරක් ලෙස දේශීය පාලක මණ්ඩලය වෙත එම ඉල්ලීම ඉටු කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි.
තීරණාත්මක තරඟවලදී මධ්‍යස්ථභාවය පවත්වා ගැනීමේදී දේශීය විනිසුරු සංචිතයට යොමු වී ඇති පීඩනය අවම කිරීම සදහා මෙම පියවර ගත් බවයි ඔහු පැවසුවේ.
පසුගියදා නිත්තවෙලදී පැවති මහනුවර ක්‍රීඩා සමාජය හා සී. එච්. සහ එෆ්. සී. ක්‍රීඩා සමාජ අතර ජය පැරදුමෙන් තොරව නිමා වූ තරඟයේ විනිසුරු තීරණ සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත වුණා.













