ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙනවා.
රාත්‍රී 07ට ආරම්භ වන මෙම තරගය මහනුවර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පන්දුවාර 20 තරගාවලි ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක බංග්ලාදේශ කණ්ඩායම් ශ්‍රී ලංකාව හමුවේ මෙතෙක් කිසිදු තරගාවලියක් ජයග්‍රහණය කර නොමැති වීමද විශේෂත්වයක් වනවා.