සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද කොළඹ එස්.එස්.සි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. අද පැවැත්වෙන තරගය සඳහා ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුතු සංචිතයක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පෙරේදා ප්‍රකාශයට පත් කළා. මේ අනුව පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ මිලාන් රත්නායක ආබාධිත තත්ත්වයක් හේතුවෙන් එම ක්‍රීඩකයින් 18 දෙනාගේ සංචිතයට එක් කර නැහැ. මේ අතර ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවසුවේ අද තරගය සඳහා මේ වන විට ක්‍රීඩකයින් 12 දෙනෙකු තෝරා ඇති බැවින් වේග පන්දු යවන්නන් තිදෙනෙකුද සමගින් තරග වැදීමට සැලසුම් කර ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා ප්‍රකාශ කළේ නවක ක්‍රීඩක සොනාල් දිනූෂ හට අද බොහෝදුරට ටෙස්ට් වරම් හිමි වීමට අවස්ථාව පවතින බවයි.
උණුසුම් පුවත්
- කලකට පසු විස්සයි විස්සට දනංජය සහ භානුක කැඳවයි !
- රටින් පැන්න පාතාලයන්ට පොලිසියෙන් රතු එළි ! – VIDEO –
- චීන ජනපති සහ අගමැති හරිණි අතර හමුවක් !
- නිශාන්ත උළුගේතැන්නට ඇප
- වැඩි මිලට භාණ්ඩ අලෙවි කල වෙළඳුන්ට වැඩ වැරදියි
- රාජ්ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන් ඇනහිටියි
- නොමිලේ වීසා හිමි විදේශිකයන්ට විද්යුත් සංචාරක අවසර පත්ර අනිවාර්යයයි
- ගල්කිස්ස පොලීසියේ පොලිස් කොස්තාපල්වරයාට ස්ථාන මාරුවක්