සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද(05) පැවැත්වීමට නියමිතයි.
දිවා/රාත්‍රී තරගයක් ලෙසපැවැත්වෙන මෙම තරගයද අද (05) පස්වරු 2.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.
බංග්ලාදේශය සමග පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77ක විශිෂ්ඨ ජයක් හිමිකර ගනු ලැබුවා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දක්වා පැවැති අවසන් එක්දින තරග පහෙන් හතරක්ම අඛණ්ඩව ජයග්‍රහණය කරමින් යහපත් මානසික තත්ත්වයකින් පසුවනවා.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අවසන් එක්දින තරග පහෙන් තරග හතරක් පරාජයට පත්ව ඇති අතර එක් තරගයක් ජය පරාජයකින් තොරව අවසන්ව තිබෙනවා.
මේ අතර ICC ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින ක්‍රිකට් කණ්ඩායම් අතර සිව්වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව සිටිනවා.
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම පළමු ස්ථානයේත් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දෙවන ස්ථානයේත් පසුවනවා.
තෙවන ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියාවයි.
සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම එම සටහනේ සිටින්නේ 10 වන ස්ථානයේයි.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක මහීස් තීක්ෂණ එක්දින පන්දු යවන්නන්ගේ සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටිනවා.