ශ්‍රී ලංකා-බංග්ලාදේශ තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරඟය මෙරට වේලාවෙන් පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර මෙම තරඟය තවත් ප්‍රබල ක්‍රීඩකයෙකුට අහිමිව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙලෙස ආබාධ තත්ත්වයක් හේතුවෙන් අවසන් තරගය අහිමිව ගොස් ඇත්තේ බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටන්සිම් හසන්ටයි.
ඊයේ පැවති පුහුණු සැසියකදී ඔහු පාදයේ ආබාධයකට ලක්වී ඇති බව එරට ක්‍රිකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව අද පැවැත්වෙන තරඟය ක්‍රීඩා කිරිම සදහා ඔහු සුදුසු ශාරීරික යෝග්‍යතා මට්ටමක නොමැති බවට වෛද්‍යවරුන් පවසනවා .
ආබාධයකට ලක්වීම හේතුවෙන් ශ්‍රි ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුශංක හට ද අද පැවැත්වෙන තුන්වන එක්දින තරගය අහිමි වන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ පෙරවරුවේ නිවේදනය කළා.
තරග තුනකින් සමන්විත ශ්‍රි ලංකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය මේ වනවිට තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන අතර තීරණාත්මක අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
- අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
- සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි














