සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවා.
බංග්ලාදේශයේ චිතගොන් හීදී පැවැත්වෙන මෙම තරඟය අද මෙරට වේලාවෙන් පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කළා.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් නම් කළ මෙම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුලත්.
පසුගියදා නිමා වූ ඇෆ්ගනිස්තාන තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් පෑ අසිත ප්‍රනාන්දුට ඇති වූ ආබාධ තත්වය නිසා ඔහු වෙනුවට ලහිරු කුමාර මෙම සංචිතය සඳහා එක් කර තිබෙනවා.
මේ අතර ඇෆ්ගනිස්තානය සමඟ එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ ශෙවෝන් ඩැනියෙල් වෙනුවට කමිඳු මෙන්ඩිස් මෙවර සංචිතයට කැඳවා තිබීමත් විශේෂත්වයක්.
උණුසුම් පුවත්
- නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට සැලසුම්
- විශිෂ්ඨතම වෙරළ තීරයන් අතරට මිරිස්ස සහ බෙන්තොටත්
- පන්නිපිටියේ අනතුරකින්අයෙකු මරුට
- කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
- ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් තාවකාලිකව නැවතීමට දැනුම්දීමක්
- ඉන්දියාවේ ගුවන් අනතුරකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට














