කි.ග්‍රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන්කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරගය අද කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙනවා.
තරගය ප.ව. 6.30ට ආරම්භවීමට නියමිතයි.
දීර්ඝ කාලයකට පසු නවසීලන්ත රග්බි කණ්ඩායමක් මෙරටදී තරග වැදුණු පළමු අවස්ථාව ලෙස සටහන් වූ මෙම තරග සංචාරයේ පළමු තරගය පසුගිය සතියේ මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
එම තරගය ලකුණු 50-10ක් ලෙස පහසුවෙන් ජයගැනීමට නවසීලන්තය සමත්වුණා.
ආබාධ තත්ත්වය සුවවීමෙන් පසු මහනුවර ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක තරින්ද රත්වත්තේ යළිත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමගින් එක්ව තිබෙන අතර, ඔහු බොහෝ දුරට අද තරගය ක්‍රීඩාකරනු ඇති.
මෙම තරගය සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුතු සංචිතයක් ඉකුත්දා නම් කළ අතර, ඊට තරින්ද රත්වත්තේට අමතරව හේෂාන් ජන්සෙන්, දිනාල් ඒකනායක, ලසිදු කරුණාතිලක, ජනිදු දිල්ෂාන් මෙන්ම ධනුෂ්ක රංජන් ද යළිත් ජාතික කණ්ඩායමට කණ්ඩායමට කැඳවා තිබෙනවා.