2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගය අද පැවැත්වෙනවා.
ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.
2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා.
තරගාවලියේ 18 වැනි තරගය මෙයයි.
කණ්ඩායම් දෙකම මෙවර තරගාවලියේ සහභාගී වන 5වැනි තරගය මෙය වනවා.
තරගාවලි ලකුණු සටහනට අනුව දකුණු අප්‍රිකා කණ්ඩායම 3වැනි ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටින්නේ 7 වැනි ස්ථානයේයි.
මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග 4න් 2 ක්ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවුණා.
දකුණු අප්‍රිකා කණ්ඩායම තරගාවලියේ සහභාගී වූ තරග 4 න් 3 ක් ජය ගත්තා.











