Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    2026-08-24

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්
    • මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට දීප ව්‍යාප්ත වර්ජනයක
    • සංචාරක පැමිණීම ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21කියවීමට මිනිත්තු 2ක් ගතවේ.73 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 10ක විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ(20) සමත්ව තිබෙනවා.

    සෙන්ට් ජෝර්ජ්හිදී පැවැති පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 240ක් රැස්කිරීමට සමත් වූවා.

    ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 66ක්ද හසිනි පෙරේරා ලකුණු 61ක්ද ලබාගැනීමට සමත් වූවා.

    නායිකා චමරි අතපත්තු ලකුණු 27ක් ලබාගත් අතර නිලක්ෂිකා සිල්වා ලකුණු 22කට දැවී ගියා.

    කවීෂා දිල්හාරි ලකුණු 22ක්ද නොදැවී පන්දුවට පහර දුන් විශ්මි ගුණරත්න ලකුණු 16ක්ද ලබාගත්තා.

    දෙව්මි විහඟාට ලබාගත හැකි වූයේ ලකුණු 14ක් පමණයි.

    පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Hayley Matthews සහ Karishma Ramharack කඩුලු දෙක බැගින් දවා ගත් අතර Deandra Dottin සහ Aaliyah Alleyneට දවා ගැනීමට හැකි වූයේ එක් කඩුල්ල බැගිනි.

    ලකුණු 241ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 49.4කදී සියලු දෙනාම දැවී ලකුණු 230ක් ලබාගැනීමට සමත් වූවා.

    බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Stafanie Taylor ලකුණු 66ක් ලබාගැනීමට සමත් වූවා.

    Jannillea Glasgow ලකුණු 50ක්ද නොදැවී පන්දුවට පහර දුන් Aaliyah Alleyne ලකුණු 24ක්ද ලබාගැනීමට සමත් වූවා.

    සෙසු කිසිදු ක්‍රීඩිකාවක් ලකුණු 20 සීමාව වෙත ළඟාවීමට සමත් වූයේ නැහැ.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනෝකා රණවීර කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවා.

    කවීෂා දිල්හාරි කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූවා.

    ආශ්‍රීත පුවත්:  හර්ෂිතා - නිලක්ෂි නොබිඳුණු සබඳතාවයෙන් දෙවැනි ජයත් ලබයි

    මල්කි මදාරා සහ දෙව්මි විහංගා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    තරගයේ විරයා ලෙසින් ඉනෝකා රණවීර නම් කෙරුණා.

    දෙරට අතර දෙවන එක්දින තරගය හෙට(22) පැවැත්වීමට නියමිත අතර තෙවන එක්දින තරගය 25 වනදා පැවැත්වීමට නියමිතයි.

    ඉන් අනතුරුව පෙබරවාරි 28, මාර්තු 01 සහ මාර්තු 03 වැනි දිනයන්හිදී දෙරට විස්සයි විස්ස තරග තුනක්ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

    Sri Lanka Women Cricket west indies women cricket
    පෙර පුව​තලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    ඊළඟ පුව​ත නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    සබැ​ඳි පුවත්

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට බලපෑම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    2026-08-24

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    2026-08-24

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group