නාවලපිටිය සිට මහනුවර දක්වා වෛද්‍යවරයකු ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන ඉවතට පැන වෙළෙඳ සැලක් අසලට පෙරලීමෙන් අනතුරක් සිදුව ඇති බව ගම්පොල ඇත්ගාල පොලිසිය රථ වාහන අංශය පවසනවා.
නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ ඇත්ගාල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථය තුළ සිට ඇත්තේ වෛද්‍යවරයා පමණක් බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් වෛද්‍යවරයාට කිසිදු අනතුරක් සිදුව නොමැති වුත් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවයි ඇත්ගාල පොලිසියේ නිලධාරියෙක් කියා සිටියේ.
අනතුරට හේතුව මෝටර් රථයේ කාර්මික දෝෂයක් බවත් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් ඇත්ගාල පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.