සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මෙසේ අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල තල්දූව මහතා සඳහන් කළේ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයේ සිටින අතර, ඒ අනුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
උණුසුම් පුවත්
- දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
- බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
- දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
- පාසලේදී සිසුවෙක්ට පහර දුන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට
- මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් පිය පුතු දෙපළ අත්අඩංගුවට
- සබරගමුව සහ කොළඹ, කළුතර, ගාල්ල, මාතරට විශේෂ නිවේදනයක්
- නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
- මුදල් වංචා කළ චීන්නු 16ක් ඇතුළු 18ක් අත්අඩංගුවට














