රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හමුව තිබෙනවා.
2026 අයවැය සැලසුම් කිරීමේදී රජය වෘත්තිකයින් නොසලකා හැර ඇති බවයි මන්ත්‍රීවරයා එහිදී සදහන් කර තිබෙන්නේ.
මෙම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ වෘත්තිකයින් සමග සාකච්ඡා කර අදාළ අයවැය යෝජනා සකස් කළ යුතු බවයි
නිසි කළමනාකරණයක් නොමැති කමින් අනාගතයේදී වෛද්‍ය කාර්ය මණ්ඩලයේ හිඟයක් ඇති විය හැකි බවත් ඒ මහතා මෙහිදී අනතුරු අගවා තිබෙනවා.
රජය යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සැලසුම් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන්ද මන්ත්‍රීවරයා රජයට චෝදනා එල්ල කර තිබෙනවා.













