කතරගම වෙහෙරගල ජලාශයේ තිබී පතොරම් බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 2ක් ද සොයාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.
එමෙන්ම එහි තිබී ටී 56 මැගසින් 74 ක්, එල්.එම් .ජී ඩ්‍රම්ස් 35ක් සහ එම් .පී .එම් .ජී ඩ්‍රම්ස් බොක්ස් 05 ක් ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් සොයාගෙන තිබෙනවා.
යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත විමර්ශනය කර මෙම ආයුධ සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ.