සිය පියාගේ හදිසි අභාවය නිසා අද(19) උදෑසන දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද(19) රාත්‍රීයේදී යළි ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ඒ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහායි.
දුනිත් වෙල්ලාලගේ අද(19) උදෑසන දිවයිනට පැමිණියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතා සමගින්.
සිය පියාට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව දුනිත් යළි අද(19) රාත්‍රීයේ ඩුබායි බලා යාමට නියමිතයි.
මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේදී බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.