35 වැනි ජාතික යෞවන ක්‍රීඩා උලළේ වෙරළ වොලිබෝල් තරඟාවලියේ ජය ලැබීමට අනුරාධපුර දිස්ත්‍රික් වෙරළ වොලිබෝල් කණ්ඩායමට සමත්ව තිබෙනවා.
පසුගිය 03.04.05 යන දින තුන පුරාවට කණ්ඩායම් 26ක් සමග හෙයියන්තුඩුව තරුණ සේවා පුහුණු මධ්‍යස්ථානයේ පැවැති මෙම වෙරළ වොලිබෝල් තරඟාවලියේ අවසන් තරඟය සඳහා ගාල්ල දිස්ත්‍රික් වෙරළ වොලිබෝල් කණ්ඩායම සහ අනුරාධපුර දිස්ත්‍රික් වෙරළ වොලිබෝල් කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.
එහිදී වෙරළක් ඇති ගාල්ල කණ්ඩායම දෙවන ස්ථානයට පත්කරමින් සිය කිරුල හිමිකර ගැනීමට වෙරළක් නැති අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායමේ හර්ෂ සඳුන් බණ්ඩාර ක්‍රීඩකයාට සහ උදාර ශ්‍රීනාත් පුෂ්පදෙනිය ක්‍රීඩකයාට හැකියාව ලැබී තිබෙනවා.
මෙම ක්‍රීඩකයින් දෙදෙනාම මැදවච්චිය ප්‍රාදේශීය ලේක්ම බල ප්‍රදේශයේ වීමද විශේෂත්වයකි.
මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස අනුරාධපුර දිස්ත්‍රීක් වොල්බෝල් පුහුණුකරු සුරේෂ් නුවන් කුමාර ජයසේන මහතා කටයුතු කර තිබෙනවා.