Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෘත්තිය සමිති එකමුතුවේ ඒකමතික තීරණයක්

    වෘත්තිය සමිති එකමුතුවේ ඒකමතික තීරණයක්

    2023-03-15කියවීමට මිනිත්තු 3ක් ගතවේ.85 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල ත්‍රිව්රතාවය අඩු කිරීමට එම එකමුතුව ඒකමතිකව තීරණය කර තිබෙනවා.

    ඒ ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවලට ජනාධිපති ලේකම්වරයාගෙන් ලිඛිතව ලැබුණු ධනාත්මක ප්‍රතිචාරයන් සැලකිල්ලට ගනිමින්.

    එමෙන්ම එළෙඹෙන සතියේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බවද අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෘත්තියවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව කියා සිටියා.

    මේ අතර මෙම ක්‍රියාමාර්ගවලට සමගාමිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය හෙට පෙරවරු 8 ට තාවකාලිකව අවසන් කරන බවයි එහිදි අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/CHAMIL-WIJESINGHA-EDIT-.mp3

    මේ අතර අද පෙරවරු 8 ට ආරම්භ කළ වැඩ වර්ජනය හෙට දින අත්හිටුවන බව ලංකා බැංකු සේවක සංගමය පවසනවා.

    එමෙන්ම දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් අද පස්වරුවේ දුම්රිය 9 ක් පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.

    ඒ අනුව ප්‍රධාන සහ උතුරු මාර්ගයේ දුම්රිය 4 ක් සහ මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය 2ක බැගින්ද, කැළණි වැලි මාර්ගයේ ද ආදි වශයෙන් එම දුම්රිය ධාවනය වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

    මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ වෘත්තිය සමිතිවල සහභාගිත්වයෙන් ආරම්භ කළ වර්ජනය අසාර්ථක එකක් බවයි.

    අද දින වෙනදාටත් වඩා බස් ධාවනය සිදු කිරීමට කටයුතු කළ බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/03/GAMUNU-WIJERATHNA-EDIT-1-1.mp3

    ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩනයට ලක්ව සිටින මොහොතක වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට යාම සාධාරණ නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා පවසනවා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/LAAL-KANATHA-EDIT-.mp3

    රට යහපත් තත්වයකට පත්වෙමින් ඇති මොහොතක සියලු වැඩකටයුතු අඩාල කිරීමට කටයුතු කිරීම කිසිවිටෙකත් අනුමත කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියා.

    ආශ්‍රීත පුවත්:  පළාත් පාලන මැතිවණය දෙවන වරටත් කල් යයි ද?
    http://vnews.lk/wp-content/uploads/2023/03/S.-M-CHANDRASENA-EDIT-01.mp3

    මේ අතර වෘත්තිය සංගම් අද දිනයේ ගෙන තිබෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග හමුවේ දිවයිනට පැමිණ සිටින විදෙස් සංචාරකයින් රැසක් අපහසුතාවයට පත්ව සිටින බව අප වාර්තාකරුවන් පවසනවා.

    එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද දින ක්‍රියාත්මක වූ වැඩවර්ජනය සදහා ඇතැම් වෘත්තිය සමිති සහයෝගය නොදක්වා සේවයට වාර්තා කර ඇති බවයි.

    ඒ අනුව අද පෙරවරුවේ දුම්රිය සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නොතකමින් මගින්ගේ පහසුව උදෙසා දුම්රිය ගමන් වාර 20 ක් පමණ ක්‍රියාත්මක කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා විසින් ජනාධිපති මාධ්‍ය අංශයට තහවුරු කර ඇති බවද සදහන්.

    එමෙන්ම ඉන්ධන තොග බෙදා හැරීමේ කටයුතු ද කිසිදු අපහසුතාවයකින් තොරව කළ බවද ඛනිජ තෙල් සංස්ථාව ජනාධිපති මාධ්‍ය ඒකකයට පවසා ඇති බව සදහන්.

    ලංකා බැංකු ශාඛා මෙන්ම මහජන බැංකු ශාඛාවල ද සාමාන්‍ය පරිදි සිය සේවාවන් සිදු වූ බවට තහවුරු කර තිබෙනවා.

    කෙසේ වෙතත් වරාය වෘත්තිය සමිති මේ වන විටත් වැඩ වර්ජනයේ නිරත වී සිටින අතර එහි සේවා ක්‍රියාත්මක නොවුන බවයි වාර්තා වන්නේ.

    වරායේ ආරක්ෂාව සදහා නාවිකා හමුදාව ද යොදවා ඇති බව සදහන්.

    වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතු`ඵ පාලන අධිකාරියේ පිරිසක් වරාය සේවකයන්ට රාජකාරිවල නිරත වන ලෙස දැනුම් දීම හේතුවෙන් සේවකයන් ඊට විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්වයක් හට ගෙන තිබෙනවා.

     

    Gamunu Wijerathne Lal kantha S.M. Chandrasena
    පෙර පුව​තජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් නිවේදනයක්
    ඊළඟ පුව​ත සහරාන්ගේ බිරිඳට ඇප

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group