ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාව පිළිබද පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන මස 06 වැනිදා එම විවාදය පැවැත්වීමට තීරණය වූ බවයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහනධීර මහත්මිය සඳහන් කළේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහි දී මෙම තීරණය ගෙන තිබෙනවා.
විපක්ෂය ගෙන එන ලද යෝජනාවකට අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාව පිළිබද විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
උණුසුම් පුවත්
- බූස්ස බන්ධනාගාරයෙන් දුරකථන 14ක්
- මන්ත්‍රී ජගත් ගැන පොලිස්පතිගේ ප්‍රකාශයට සජබෙන් නිවේදනයක්
- දීපාවලියට ගම්බිම්වලට ගිය ජනයාට ආපසු ඒමට බස් නෑ… මගී ජනතාවගෙන් චෝදනා
- අවුරුදු 10 තුළ වැඩිම මත්ද්‍රව්‍ය ඇල්ලුවේ පසුගිය මාස 10දී
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- ධීවර වරාය ආශ්‍රීතව ලිහිසි තෙල් බෙදාහැරීමේ නව වැඩපිළිවෙළක්
- මිහින්තලේ බෝධියක් කඩා වැටී අයෙක් මරුට
- මන්දකට හසුව සිටි කඳුකර කොටියා නිර්වින්දනය කර මුදාගැනේ













