ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාව පිළිබද පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන මස 06 වැනිදා එම විවාදය පැවැත්වීමට තීරණය වූ බවයි පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහනධීර මහත්මිය සඳහන් කළේ.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහි දී මෙම තීරණය ගෙන තිබෙනවා.
විපක්ෂය ගෙන එන ලද යෝජනාවකට අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාව පිළිබද විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
- සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
- අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
- සැකකටයුතු මරණ දෙකක්
- අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
- නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට














