ඉංගිරිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අනුශාසකත්වයෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු
අමාත්‍යංශය ඇතුළු සංස්කෘතික පුරාවිද්‍යා අංශ රැසක දායකත්වයෙන් දින 5ක් පුරා පැවැති ඉංගිරිය පොසොන් කලාපය පසුගිය
(07) වැනි දින අවසන් කෙරුණා.
සමාප්ත දින උත්සවයේදී බුද්ධශාසන, හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ග්‍රාමීය විහාරස්ථාන සංවර්ධන
වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 17ක් සඳහා සංවර්ධන ආධාර විෂයය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක
මහතා එහිදී පිරිනැමීම සිදු කළා. තවද බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව දහම් පාසල් සංවර්ධන වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් 11ක් සඳහා ද ආධාර ලබාදීම සහ පොසොන් කලාපයේ කූඩු තරගයන් හී විවෘත හා පාසල් තරග වෙනුවෙන් ත්‍යාග සහ සහතිකපත් ද මෙහිදී ප්රදානය කෙරුණ අතර අවසන් දින ටවර් හෝල් රඟහල පදනම විසින් සංවිධානය කරනු
ලැබූ ටවර් ප්‍රභාෂ්වර වැඩසටහන ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුුුණා. පූජා නර්ථනය ඉංගිරිය
රංගන කලායත්නය විසින් ඉදිරිපත් කෙරුණා.
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඉංගිරිය පොලීසිය,හොරණ ප්‍රාදේශීය සභාව, රජයේ පාසල් සහ අනෙකුත් රාජ්්ය
ආයතන, එක්සත් වෙළඳ සංගමය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හොරණ සහ වගවත්ත් අපනයන කලාපීය ආයෝජකයින්,
විවිධ ස්වේච්ඡා සංවිධාන එකමුතුවෙන් මෙහි සියළු සංවිධාන කටයුතු සිදුකෙරුණා.