Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අප්‍රේල් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විස්සයි විස්ස ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව සිම්බාබ්වේට පරදියි

    විස්සයි විස්ස ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාව සිම්බාබ්වේට පරදියි

    2024-01-17කියවීමට මිනිත්තු 2ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් කරමින් විස්සයි විස්ස තරගයක් ජයගැනීමට සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමත් වූවා.

    ඒ් ඊයේ(16) පැවැති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු හතරකින් ජයග්‍රහණය කරමින්.

    මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

    ඒ් අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 173ක් ලබාගත්තා.

    මුල්පෙළ කඩුලු හතරක් ලකුණු 27කට දැවී ගොස් සිටියදී පිටියට පිවිසි ඇන්ජලෝ මතිව්ස් සහ චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඉහළ නැංවීමට සමත් වූවා.

    එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 39කදී ලකුණු 69ක් ලබාගත්තේ හයේ පහර තුනක් සහ හතරේ පහර පහක්ද සමගිනි.
    ඇන්ජලෝ මැතිව්ස් නොදැවී පන්දු 51කදී ලකුණු 66ක්ද රැස්කිරීමට සමත් වූවා.

    ඊට හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් අන්තර්ගත වූවා.

    සධීර සමරවික්‍රමට ලබාගත හැකි වූයේ පන්දු 12කදී ලකුණු 16ක් පමණයි.

    පන්දු යැවීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බ්ලෙසින්ග් මුසරහානි සහ ලුක් ජොන්ග්වේ කඩුලු දෙක බැගින් ද වෙලින්ටන් මසකඩ්සා සහ රිචඩ් එන්ගරාවා එක් කඩුල්ලක් බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

    ලකුණු 174ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 19.5කදී කඩුලු 6ක් පමණ දැවී සිටියදී සපුරා ගැනීමට සමත් වූවා.

    සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් එහිදී ක්‍රෙයිග් අර්වින් පන්දු 54කදී ලකුණු 70ක් ලබාගැනීමට සමත් වූවා.

    ඊට හයේ පහර දෙකක් සහ හතරේ පහර හයක් අන්තර්ගත වූවා.

    Brian Bennett ලකුණු 25ක් ලබාගත්තේ පන්දු 20කදී හතරේ පහර තුනක්ද සමගිනි.

    නොදැවී පන්දුවට පහර දුන් Luke Jongwe පන්දු 12කදී ලකුණු 25ක් ලබාගත්තේ වේගවත් පිතිකරණයක නියැලෙමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක්ද සමගිනි.

    එසේම නොදැවී පන්දුවට පහර දුන් අනෙක් ක්‍රීඩකයා වූ Clive Madande පන්දු පහකදී ලකුණු ලකුණු 15ක් ලබාගත්තේ හයේ පහර දෙකක්ද සමගින්.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.
    එසේම වනිදු හසරංග සහ ඩිල්ෂාන් මධුසංක එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    Luke Jongwe තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණා.

    ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම මේ වනවිට සමතත්ත්වයේ පසුවනවා.

    තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය එළැඹෙන 18 වනදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    පෙර පුව​තමැතිවරණ දිනය තීන්දු කළ යුත්තේ සිරිකොතෙන් නෙවෙයි – ස්වාධීන මැතිවරණ කොමිසමෙන්
    ඊළඟ පුව​ත සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වර්ජනය නවතද්දී – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වර්ජනයේ

    සබැ​ඳි පුවත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group