T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙරට පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර අද සිට අලෙවි කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
තෝරාගත් ස්ථානවල පිහිටා ඇති ප්‍රවේශ පත්‍ර කවුන්ටර විවෘත කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට ඇති ප්‍රවේශ පත්‍ර කවුළුව අද සිට විවෘත කෙරෙනවා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තරග පැවැත්වෙන අවස්ථාවේ පමණක් ඔරුගොඩවත්ත ප්‍රවේශ පත්‍ර කවුළුව විවෘත කෙරෙන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.










