රටම එකට – ජාතික මෙහෙයුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.
එලෙස ආරාම්භ් වූයේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙලයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අදහසක් අනුවයි මෙම වැඩපිළිවෙල සැලසුම් කර ඇත්තේ.
මෙරට තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් ළමුන්ගේ ද ජීවිත අවධානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වනවා.
ආගමික නායකයින්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙන්ම විදේශ තානාපතිවරු 50 දෙනෙකු ද මෙම ජාතික වැඩසටහන සඳහා සහභාගී වී සිටිනවා.
මේ අනුව මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් සභාවක් ද පිහිටුවා තිබෙනවා .
එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මහජන සහාය ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස දිස්ත්‍රික් මෙහෙයුම් සභා, ප්‍රාදේශීය මෙහෙයුම් සභා සහ ග්‍රාමීය මට්ටමෙන් මහජන ආරක්ෂක කමිටු සහිත ව්‍යුහයක් පිහිටුවීම රජයේ අපේක්ෂාව වනවා.
රටම එකට ජාතික මෙහෙයුම් සභාවේ සංයුතිය ලෙස පාර්ශව 23ක් කටයුතු කරනු ලබනවා.
මෙහෙයුම් සභාවේ සභාපති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරන අතර එහි ලේකම්වරයා වන්නේ ජනාධිපති ලේකම්වරයායි.
විස මතට එරෙහිව දැවැන්ත ක්‍රියාමාර්ග ගැනීමට තමන් ප්‍රමුඛ රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී උත්සව සභාව අමතමින් පැවසුවා.
මත්ද්‍රව්‍ය සහ පාතාලය යන මායාකාරී කුණාටුවෙන් රට බේරා ගැනීමට අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කලේ.
මේ අතර විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබෙනවා .
ඒ අනුව මහජනතාවට, 1818 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදා හැරීම හෝ ඒ ආශ්‍රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා දීමේ හැකියාව පවතිනවා .











