වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක්, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙය සිදු කර ඇත්තේ තෙවන පාර්ශවයක් හරහා බවයි වාර්තා වන්නේ.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු බව වැඩිදුරටත් වාර්තා වනවා.