78 වැනි ජාතික නිදහස් දින සැමරුමට අදාළ පෙරහුරු සහ උත්සව කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් අද සිට ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.
ඒ අනුව අද ,හෙට සහ පෙබරවාරි 2 වන දින පෙරහුරු පුහුණුවීම් පැවැත්වෙන අතර එම දිනවල උදෑසන 7.45 සිට දහවල් 1.30 දක්වා රථවාහන ගමනාගමනය සීමාකිරීම් පනවනු ලබනවා.
එමෙන්ම පෙබරවාරි 1 වන දින පෙ.ව. 5.00 සිට දහවල් 1.30 දක්වාත්, පෙබරවාරි 4 වන දින පෙ.ව. 5.00 සිට නිදහස් දින උත්සවය අවසන් වන තෙක් අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.













