
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් දෛනික සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පොලීසිය සඳහන් කරන්නේ, සැකකරුවන් 537ක් අත්අඩංගුවට ගත් බවයි. පුද්ගලයින් 27,001ක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි පොලීසිය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.














