
දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 22 ක් අපරාධ
සම්බන්ධයෙන් සෘජුව හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය මගින් සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්
මඟින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම
සඳහා කොට්ඨාස මට්ටමින් සියළුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි
මෙම විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඒ අනුව, ඊයේ දිනය වන විට පුද්ගලයින් 27,198 ක් පරීක්ෂා කර තිබෙනවා.
සැකපිට පුද්ගලයින් 619 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, අත්අඩංගුවට ගෙන ඇති දින වරෙන්තුකරුවන් ගණන 246 ක් වන
අතර, විවෘත වරෙන්තුකරුවන් 166 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.














