විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට(30) දිනයේ වරජන ක්‍රියාමාර්ගයක නියලෙන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියා සිටියේ.
එහි ලේකම් ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් අපොහොසත්වීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගය ගන්නා බවයා.
එසේම කියා සිටියේ මේ වන විට රාජ්‍ය අධ්‍යාපනය කඩාවැටීමේ බරපතල අර්බුදයකට ලක්ව ඇති බවයි.
ආණ්ඩුව බලයට පත්ව වසරක් ගෙවුණද රජයේ විශ්වවිද්‍යාලවල ඇති අර්බුදයන්ට විසඳුම් මෙතෙක් ලැබී නොමැති බවද ඒම හතා මාධ්‍ය හමුවේදී කියා සිටියා.