
2026 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු සම්බන්ධව රජය සමග සාකච්ඡා කළද මේ වනතෙක් ඊට විසඳුම් ලබා නොදුන් බවයි එහි සභාපති මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා සඳහන් කළේ.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සම්බන්ධයෙන් ද තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.














