විශ්‍රාම වැටුප් කප්පාදුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද විශ්‍රාමික රණවිරුවන් උද්ඝෝෂණයක නිරත වුණා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටයි.
මෙහිදී විරෝධතා බැනරයක් අසල වැටක රැඳවීම හේතුවෙන් පොලිසිය පැමිණ එය ඉවත් කිරීමටයි කටයුතු කලේ .
එම අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
මෙම සත්‍යග්‍රහය සඳහා ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ වැන්දඹුවන් විශාල පිරිසක් සහභාගි වී සිටියා.
දශක තුනක යුද්ධය අවසන් කර රට, ජාතිය, සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කළ ආබාධිත රණවිරුවන් මෙලෙස අමතක කරදැමීම දැඩි කනගාටුවක් බවයි උද්ඝෝෂකයින් පවසන්නේ.